ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් කාටවත් පේන්නේ නැති පොඩි යුක්තානුවකින් පටන් ගන්න අපේ ජීවිතේ...
මොකා යුක්තානුවක්?
කියවද්දිම ලැජ්ජා හිතුනද.
ඇයි ලැජ්ජ වෙන්නෙ අපි හැමෝගෙම ආරම්භයේ එතනින්නේ.
හරි අපි ඒක පොඩ්ඩක් පැත්තකට තියමු.
ඉතිං මේ පොඩි යුක්තානුව මාස දහයක් තිස්සේ වතුර බෑග් එකක් ඇතුලේ ඔට්ටු වෙවී ඉඳලා පොඩි දරුවෙක් විදිහට එළියට එනවා.ස්ත්‍රි යෝනියෙන්
එළියට එන මේ පුංචි ජීවිතේ එළියට ආ වෙලාවේ ඉඳන් මේ වෙනකන් සටන් කරනවා.
මොකක්ද මේ සටන.
තමුන්ට නැති සතුට හොයන්න කරන සටනක්.පොඩි දරුවාගේ නම් සටන ගොඩක් පොඩියි.මොකද එයාගෙ ලෝකෙත් ගොඩක් පුංචියි. මේ දරුවා ටික ටික ලොකු වෙද්දි පවුල සමාජය එයාගේ මනස කපලා කොටලා සකස් කරනවා.
එයාට හීන, බලාපොරොත්තු ,බැඳීම් දෙනවා .එයත් හුරු වෙනවා ඒ දේවල්වලට.
ඔයා මම අපි හැමෝම ඒ පොඩි දරුවා වෙලා හිටියා .ඒත් මං ඔයාගෙන් අහනවා ඔයා සතුටින්ද.
ඔයා කියයි ඔව් මං සතුටින් එහෙනම් මට මේක කියන්න ?ඔයා නිදාගන්න යද්දි ඔයාට තෘප්තිමත්ව නිදා ගන්න පුළුවන් වෙච්ච දවස් කීයක් තියෙනවද? සමහරවිට ඔයාගේ උත්තරේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු වෙන්න පුලුවන්. ඔන්න ඔතනයි ප්‍රශ්නෙ .අපි සාර්ථකද? අනිවාර්යෙන්ම! ඒත් අපි සතුටින්ද? අන්න ඒකට උත්තරේ නම් දැන් දෙන්න ලේසි නෑ නේද සහෝදරයා.
අපි සතුටින් හිටපු දවස් ගාන තමයි අපි ජීවත් වෙච්ච දවස් ගාන එතකොට අපි ජීවත් වෙලා තියෙන්නේ පොඩි කාලයකනේ් . මොකක්ද මෙතන අවුල?මෙතන අවුල තමා අපි අපේ සතුට අනිත් අයගෙන් , අනිත් දේවල් වලින් හොයන්න යන එක. ඒක නෙමෙයි වෙන්න ඕනෙදේ.
අපේ සතුට හොයාගන්න පුළුවන් අපෙන්මයි.මතක තියා ගන්න ඕනම කෙනෙක් තුළ පොඩි කාලේ හිටපු දරුවා හැමදාම ජීවත් වෙනවා ඒ දරුවාගේ හිතේ සතුට ,ආදරය ගොඩක් තියෙනවා .පොඩ්ඩක් ඒ දරුවා වෙලා බලන්න
දවසේ පොඩි වෙලාවකට හරි.
ඔයාට හානියක් වෙන්නෙ නැති විදිහට පොඩි දරුවෙක් වෙන්න පොඩි වෙලාවකට. පොඩි ළමයෙක් වගේ සෙල්ලම් කරන්න ආස වුණත් සමාජ සිරිත් විරිත් එක්ක එහෙම ඉන්න අමාරුයි ඒත් කවුරුත් දකින්නෙ නැති වෙලාවට අපි හැසිරෙන්නේ පොඩි දරුවෙක් වගේ.
මොකද ඒකෙන් අපි තෘප්තියක් ලබනවා. ඉතිං පොඩි දරුවෙක් වෙලා හෝ නැතුව හෝ ජීවිතේ තෘප්තිමත් දේවල් අනවශ්‍ය ලෙස කල් දාන්න එපා මිත්‍රයා.
මොකද අපි ජීවිතේ පසු තැවෙන්නෙ කරපු දේවල් වලට වඩා කරන්න බැරි වෙච්ච දේවල් ගැන ඒ වගේම මේකත් මතක තියාගන්න සතුට ලබාගන්න ගිහින් ඔයාව විනාශ කර ගන්නත් එපා.
ඒ වගේම අසීමිතව තෘප්තිය පස්සේ යන්නත් එපා .පොඩි සතුටක් ඇති ඕනෑම දවසක හිත සැහැල්ලු කරගන්න. පොඩි දේකින් හිත සතුටු කර ගම්මු.මොකද අපි ජීවත් වෙන්නෙ ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. තව අවුරුදු ගානකට පස්සේ මේක ආයෙත් කියවන්න. ජීවිතේ ආපහු හැරිලා බලන්න. ඔයා සතුටින් හිටියද කියලා?
No comments:
Post a Comment